ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ
මෙරටින් ඊයේ (29) දිනයේදී ආසාදිතයන් 496 දෙනෙක් වාර්තා වීමත් සමඟ රෝහල්ගත ආසාදිතයින් ගණන 6,366ක් බවට ඉහළ ගොස් ඇත.
ආසාදිතයන් දිස්ත්‍රික්ක 17කින් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබේ. ඒ අනුව ආසාදිතයින් 167ක් වාර්තා වී ඇත.
එසේම කොළඹ නගරසභා සීමාවෙන් ආසාදිතයින් 78ක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 44ක්,ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 14ක් මට්ටක්කුලියෙන් ආසාදිතයින් 6ක් ඊයේ වාර්තා වී ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් ඊයේ දිනයේ දී ආසාදිතයන් 56ක් වාර්තාවී ඇති අතර එම පිරිසෙන් 17දෙනෙක් වත්තල ප්‍රදේශයෙන් හා කැළණියෙන් ආසාදිතයන් 10ක් වාර්තාවේ.
තවද පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 53ක් වාර්තා වන අතර ආසාදිතයින් 45ක් දංකොටුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
එසේම කුරුණෑගලින් 9ක් කළුතරින් 8ක් රත්නපුරෙන් 8ක් මහනුවරින් 6ක් කෑගල්ලෙන් 5ක් නුවරඑළියෙන් 4ක් මන්නාරමෙන්4ක් බදුල්ලෙන් 3ක් ගාල්ලෙන් 3ක් අනුරාධපුරයෙන් දෙදෙනෙක් සහ පොළොන්නරුවෙන් දෙදෙනෙක් මාතලෙන් හා හම්බන්තොටින් ආසාදිතයා බැගින්ද වාර්තා වේ.
