අක්කරෙයිපත්තුවේ ගෙවල් වලින් එළියට බහින්න එපා කියයි
අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය මේ මොහොතේ සිට දැඩි සෞඛ්‍ය ආරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පියවර ගෙන තිබේ.
අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන් වාර්ථා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
එම ප්‍රදේශයේ ජනතාව නිරෝධායන නීති පිළිපදින්නේ දැයි පරීක්ෂා කිරීම සදහා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂ අංශවල සහය ලබාගන්නා ලෙස ආණ්ඩුකාරවරිය විසින් පළාත් බලධාරීන්ට නියෝග කර ඇත.
මේ වන වට අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශයෙන් කොරෝනා රෝගින් 58 ක් වාර්ථා වී ඇති අතර කල්මුණේ ප්‍රදේශයේද මේ වන විට රෝගීන් 86 දෙනෙකු වාර්ථා වී තිබේ.
ආණ්ඩුකාරවරිය එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගෙන් ඉල්ලා සිට ඇත්තේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කිසිදු පුද්ගලයෙකු සිය නිවෙස් වලින් බැහැරට නොයන ලෙසයි.
එම ජනතාවට අවශ්‍ය ආහාර සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ජංගම රථ මගින් බෙදාහැරීමට කටයුතු සිදුකරන ලෙස ආණ්ඩුකාරවරිය විසින් බලධාරීන්ට නියෝග කර ඇත.
