News

මාධ්‍යවේදියා කොටි ප්‍රවර්ධනයට FB පෝස්ට් දාලා

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව ඇතුළත් පෝස්ටුවක් මුහුණු පොතේ පලකරමින් එම සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක යෙදුනු පුද්ගලයෙකු මඩකලපුව වාලච්චේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා හිටපු කොටි සාමාජිකයෙකු බව මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇතැයි ද ඔහු මේ වන විට මාධ්‍ය ආයතන කිහිපයක නිදහස් මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කර සිටින බවද මඩකලපු දිසාවේ උසස් පොලිස් නිලධාරියෙකු අරුණට පැවසීය.

සැකකරු වාලච්චේන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ක්‍රියාකරන බවද එම නිලධාරියා කීය.

සැකකරු ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදුනු නොවැම්බර් (27) දිනය මූලික කරගනිමින් මෙම පෝස්ටුව පලකර ඇති අතර, එ් තුළින් කොටි සංවිධානය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දරා තිබේ.