මහර සිදුවීම ගැන රජයේ කනගාටුව
මෙහි දී සිදුව ඇත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් කරුණු රැසක් කෙටි කලක් ඇතුළත පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව කී ඇමැතිවරයා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවෙන් සතියක් ඇතුළත අතුරු වාර්තාවක් ඉල්ලා ඇතැයිද කීය.
බන්ධනාගාරවල ඇති තදබදය නැති කිරීම සඳහා චූදිතයන්ට එරෙහි චෝදනාපත්‍ර සංශෝධනය කර නඩු අසනතුරු එම චූදිතයන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කිරීමටද අවධානය යොමු කර ඇතැයි ඇමැතිවරයා පැවසුවේය.
නීතිපතිවරයා සහ පොලිසිය සමග සාකච්ඡා කර රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් හැකි තරම් ඇප මත මුදා හැරීමට කටයුතු කරන බවද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති අලි සබ්රි පැවසුවේය.
අජිත් අලහකෝන්
