News

බදු මිල අඩු කරන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි

මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

එහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ බදු වැඩි කිරීමට ප්‍රථම රටේ අහිංසක ජනතාව පිළිබදව සිතා බලන ලෙසයි.

ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථිකමය වශයෙන් විශාල ගැටළුවලට මුහුණදී සිටින බවත්, රටේ සිටින අහිංසක ජනතාව මත තවදුරටත් බදු බර පැටවීම තුළින් ඔවුන්ට ජීවත්විය නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.

රට තුළ එක් වේලක් පමණක් ආහාර ලබා ජීවත්වන ජනතාවක් ද සිටින නමුත් ඔවුන් සිටින තත්ත්වය පිළිබදව සිතා බලා කටයුතු කිරීම ආණ්ඩුව සතු වගකීමක් බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ.

එම තත්ත්වය වෙනස් කරන ලෙසත්, එය වෙනස් කිරීමට තමන් ඇතුළු ආණ්ඩුව පත්වූවත් එය සිදු කිරීමට එක්සත් ජාතික පක්ෂය ඉඩ නොදුන් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිහිපත් කර සිටියා.

“රට බේරා ගැනීමට අවශ්‍ය ඕනෑම වෙලාවක අපි එනවා” යනුවෙන් හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියා.