පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට ස්ථාන මාරුවක්
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත ස්ථාන මාරු කර තිබෙනවා.
සේවා අවශ්‍යතාවයක් මත මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.
මෙම ස්ථාන මාරුව අද සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාවට නැංවිය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.