News

තවත් 350කට කොරෝනා

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 350දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇත.

ඔවුන් සියලුදෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව මිනුවන්ගොඩ – පෑළියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22211 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරටින් හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 25,760කි.

ඉන් 19,032දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, ආසාදිතයින් 6604දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 124ක්.