මහර සිදුවීම ගැන සොයන්න අදත් කමිටුව බන්ධනාගාරයට
මහර බන්ධනාගරයේ ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාවක් ලබන සඳුදා විෂයභාර අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා වෙත භාරදීමට නියමිතව ඇත.
ඒ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීමට අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටු වාර්තාවයි.
එම කමිටුව මහර බන්ධනාගාර පරිශ්‍රයට ගොස් සාක්ෂි සටහන් කර ගැනීම ඊයේ දිනයේ පළමු වරට සිදුවූවා. අද (04) දිනයේත් සාක්ෂි සටහන් කර ගැනීම සඳහා බන්ධනාගර පරිශ්‍රය වෙත යෑමට නියමිතයි.
අද දිනයේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ දඬුවම් ලබාසිටින රැඳවින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන බව වාර්තා වේ.
එසේම කමිටුව මගින් ගැටුමට පාදකවූ කරුණු සහ ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම කමිටුව මගින් සිදුවන අතර මේ සම්බන්ධයෙන් ගතයුතු කෙටිකාලින ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද නිර්දේශ’ අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
