ශ්‍රී ලංකා නව මහකොමසාරිස් කෙන්යා ජනාධිපතිට අක්තපත්‍ර භාර දෙයි
කෙන්යාවේ ශ්‍රී ලංකා නව මහකොමසාරිස්වරයා ලෙස පත් කෙරුණු වේලුපිල්ලෙයි කනනාදන් පෙරේදා (02 වැනිදා) නයිරෝබි නුවරදී කෙන්යා ජනාධිපති උහුරු මුයිගයි කෙන්යනටා වෙත අක්තපත්‍ර භාරදෙනු ලැබීය.
නව මහකොමසාරිස්වරයා මෙහිදී ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂගේ, අගමැති මහින්ද රාජපක්ෂගේ සහ ශ්‍රී ලංකා රජයේ සුබපැතුම් කෙන්යානු ජනාධිපතිවරයා වෙත පිරිනැමීය.
වේලුපිල්ලේ කනනාදන් මීට පෙර උගන්ඩාවේ ශ්‍රී ලංකා කොන්සාල්වරයා ලෙස ද එරට ප්‍රථම ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙසද කටයුතු කළේය.
අප්‍රිකානු කලාපය පිළිබඳ විශේෂ දැනුමක් හා පළපුරුද්දක් ඇති නව මහ කොමසාරිස්වරයා 2020 ජනවාරි මාසයේ සිට අගමැති මහින්ද රාජපක්ෂගේ අප්‍රිකානු කලාපය පිළිබඳ නියෝජිතයා ලෙසද කටයුතු කළේය.


