අටලුගම පී.සී.ආර්. පරීක්ෂණවලින් PHIලා ඉවත් වෙයි
හුදෙකලා කර ඇති බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ දී කොවිඩ් ආසාදිතයකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට කෙළ ගැසීමේ සිද්ධියක් සමග එම ප්‍රදේශයේ පීසීආර් පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලියෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉවත් වී ඇත.
එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය හිමේෂා රත්නවීර ප්‍රකාශ කළේ ආසාදිතයකු රැගෙන ඒමට ගිය කැබ් රථයේ දොර විවෘත කර එහි සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට එම ආසාදිතයා කෙළ ගසා ඇති බවය.
එමෙන්ම එම ආසාදිතයා කුමන හෝ ආකාරයකින් අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යෑමට කටයුතු කරන බවත් සෞඛ්‍ය බලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් වෛද්‍යවරිය සඳහන් කළාය.
එම ප්‍රදේශයේ ඊයේ (03 වැනිදා) දිනයේ දී පීසීආර් පරීක්ෂණ 250ක් කිරීමට සූදානම් කර තිබුණද මෙම සිද්ධියත් සමග එම කටයුතුවලින් ඉවත් වූ බවද වෛද්‍යවරිය සඳහන් කළාය.
චාමර පල්ලේගෙදර
