News

බුරවි කුණාටුවෙන් අතුරුදහන් වූ පුද්ගලයා හමුවෙයි

“බුරවි” කුණාටුවෙන් අතුරුදහන් වූ යාපනය පොන්නාලෙයි ප්‍රදේශයේ මුහුදේ මසුන් ඇල්ලීමේ යෙදී සිටියදී අතුරුදහන් වූ ධිවරයාගේ මෘතදේහය දින තුනකට පසුව හමුවී ඇත.

පසුගිය පළමුවන දා රාත්‍රියේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයා නැවත නොපැමිණීම නිසා ධීවරයාගේ ඥතීන් විසින් පොලිසියට පැමිණිල්ලක් දමා තිබුණා.

එසේම ඇති වූ තත්වය හේතුවෙන් පසු දිනත් ධීවරයා සෙවීම අපහසු වී තිබුන අතර ඊයේ (03) සවස ධීවරයාගේ මෘත ශරීරය යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ මුහුදු තීරයට ගොඩගසා තිබෙනවා. අනතුරුව ප්‍රදේශයේ ධීවරයෙක් දැක ඒ බව පොලිසියට දැනුම්දී තිබෙනවා.

මරණයට හේතුව ධිවරයාගේ යාත්‍රාව කුණාටුවට හසුවීමෙන් විනාශ වීම මගින් ධීවරයා මුහුදේ ගිලි මියයාම බවට සැක පළකරන අතර මියගිය ධීවරයා 37හැවිරිදි සෙල්වකුමාර් සෙල්වරාසා නමැත්තකු බව පැවසේ.