News

මහනුවර පාසල් තවත් සතියක් වසා දැමේ

මහනුවර නගර සිමාව තුල කෝවිඩ් 19 ආසාදිතයින් තව දුරටත් හමුවිම නිසා මහනුවර නගර සිමාවේ වසා දැමු පාසැල් 45 තවත් සතියක් යන තුරු වසා දැමිමට තිරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා කල විමසිමකදි පැවැසිය.

ආණ්ඩුකාරවරයා මේ බව පැවැසුයේ මහනුවර දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන කමිටු රැස්විම අද (04) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේදි පැවැති හමුවේදිය.

නැවත පාසැල් විවෘත කරන දිනය මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය තත්වය බලා තිරණය කරනු ලබන බවද ආණ්ඩුකාර වරයා එහිදි පැවැසිය.

 

භාරත මෙන්ඩිස්