News

මහනුවර රෝහලේ අක්ෂි සායනය තාවකාලිකව වහයි

මහනුවර ජාතික රෝහලේ අක්ෂි සායන ප්‍රතිකාර ඒකකයේ රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු වීම නිසා එම ඒකකය විශබීජහරණය කිරිම සදහා තාවකාලිකව වසා දැමු බව මහනුවර ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසිය.

එනමුත් රෝහලේ සෙසු වැඩ කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත් එම අංශයේ අනිකුත් කාර්ය මණ්ඩලය අද(04)දින පි.සි.ආර් පරික්ෂනයන්ට ලක් කරන බවද අධ්‍යක්ෂවරිය පැවැසිය.

එම අංශය විශබීජහරණය කරන නැවත අරඹන තුරු තාවකාලිකව එම අංශයට නව රෝගීන් බාර ගැනීමද තාවකාලිකව අත්හිටවූ බවත් රෝහල් අධ්‍යක්ෂවරිය පැවැසිය.

 

භාරත මෙන්ඩිස්