අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි
2019 වසරේ පළමු මාස හතර සදහා වන නව රජයේ අතුරු සම්මත ගිණුම් යෝජනාව වැඩි ඡන්දයෙන් මීට සුළු වේලාවකට පෙර සම්මත වුණා.
පක්ෂ ඡන්ද 102ක් ද, විපක්ෂව ඡන්ද 06ක් හිමිවුණා.
එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළා.
ජනතා විමුක්ති පෙරමුණ අතුරු සම්මත ගිණුම් යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිතා කළා.
ඡන්දය විමසන අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සභාවේ සිටියේ නැහැ.