මඩකලපුවේ පොලීසියක් වැසෙයි
මඩකලපුව කලුවාන්චිකුඩි පොලිස් ස්ථානයේ රාජකාරි කරන පොලිස් නිලධාරියෙකුට කොවිඩ් ආසාදිත බව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය අලකයියා ලතාකරන් මහතා සඳහන් කර තිබෙන බව වාර්තා වේ.
කලුවන්චිකුඩි මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් නිලධාරියාට කෝවිඩ් ආසදිතව ඇති බව පැවසෙනවා. එම නිලධාරියට කොවිඩ් ආසාදිත බැවින් කලුවන්චිකුඩි පොලිස් ස්ථානය අද (6) සිට තාවකාලිකව වසා දමා තිබේ.
