News

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් රෝගීන් ගණන 2000 ඉක්මවා යයි.

බන්ධනාගාරය ආශ්‍රයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,000 ඉකමවා ගොස් ඇති අතර එම පිරිස අතර බන්ධනාගාර නිලධාරින් 91 දෙනෙකු සිටිනවා.

හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,051 දෙනෙකු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

තවද කොවිඩ් ආසදිතව සිටි නිලධාරින් 38 දෙනෙකු සහ රැඳවියන් 562ක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

එසේම බන්ධනාගාර තදබදය අඩුකිරීම සඳහා මුදාහැරෙන සියලු රැඳවියන් PCR පරික්ෂණයකට හෝ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක්කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ද සඳහන් කර තිබේ.