ක්ලේමෝවක් සමග ඇල්ලූ කොටි කත මෙහෙයවූ ත්‍රස්තයාගේ මව අත්අඩංගුවට
ක්ලේමෝ බෝම්බයක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් කොටි කත මෙහෙයවූ ස්විස්ටර්ලන්තයේ සිටින ත්රස්තවාදියකුගේ මව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායට ලද තොරතුරක් මත මෙම කොටි ජාලය ගැන හෙළිකරගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් එම කාන්තාව කොටි නායක ප්රභාකරන්ගේ මරණයෙන් පසු එල්.ටී.ටී.ඊය වෙනුවෙන් පෙනී සිට මැරුම් කෑ ගෝපි හෙවත් කජිපන් පොන්නයියා නමැති කොටි නායකයාගේ මවය. ඇයට අයත් අයියකච්ටි, පැනික්කච්චිහි නිවස අසල වළ දමා තිබූ ස්නයිෆර් අවිවල උණ්ඩ හා පිස්තෝල උණ්ඩද සොයාගෙන ඇත. තම හත් හැවිරිදි දැරිය හා සැමියා සමග ක්ලේමෝ බෝම්බය ප්‍රවාහනය කරමින් සිටියදී ඉකුත් 02 වැනිදා අත්අඩංගුවට ගත් කොටි කත පදිංචිව සිට ඇත්තේත් ගෝපිගේ මවගේ ඉඩමට යාබද ඉඩමේය.
ගෝපි 2014 අප්‍රේල් 14 වැනිදා තෙන්ඩුකර්නි කැලෑවේදී හමුදා ප්‍රහාරයකින් මරුමුවට පත්වූ පසුව එහි පලිය ගැනීම සඳහා විදෙස්ගත සොහොයුරන් දෙදෙනා ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා මෙලෙස සැලසුම් කර ඇතැයි හෙළිව තිබේ.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
