News

ලක්ෂ 80ක මුතු විකිණීමට ගිය තිදෙනක් මාට්ටු

නීති විරෝධී අන්දමින් රුපියල් ලක්ෂ 80ක මිලකට මුතු ඇට 1010 ක් අලෙවි කිරීමට උත්සහ ගත් තිදෙනෙකු ඊයේ (06) අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරියෙක් ප්‍රකාශ කරයි.

අත්අඩංගුවට ගත් මුතු ඇට ග්‍රෑම් 605 ක බරකින් යුක්ත වන අතර රුපියල් ලක්ෂ 80ක මිලකට එම මුතු මිල දී ගන්නා මුවාවෙන් උපාය දූතයෙකු යොදවා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් කිරිඳිවැල, හංවැල්ල සහ අත්තනගල්ල ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වන අතර ඔවුන් අතර 44 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු සහ 28 හැවිරිදි එක් පුද්ගලයෙකු සිටියි.

හම්බන්තොට නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන්ගේ සහ පොලිස් විශේෂ කාර්‍ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරු අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පැමිණි වෑන් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.