බේරුවල පුද්ගලයින් 134කට කොරෝනා
කොවිඩ්-19 වෛසරය ආසාදිත පුද්ගලයින් 134දෙනෙකු අද (07) බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් හදුනාගෙන ඇත.
අලුත්ගම පිහිටි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සදහන් කළේ පසුගිය දින කිහිපය තුළ පොලිස් බල ප්‍රදේශ තුනක පී.සී.ආර්. පරීක්ෂණ 750ක් සිදුකළ බවයි.
අලුත්ගම, බේරුවල, පයාගල යන පොලිස් බල ප්‍රදේශ තුනෙහි සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් මේ බව තහවුරු වූ බව ඔහු පැවසීය.
