News

හපුතලේ ප්‍රා. සභා සභාපති පහරදීමෙන් පුද්ගලයෙක් රෝහලට

හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පහරදීම නිසා තුවාල ලැබූ පුද්ගලයෙකු අද (07) හපුතලේ දිසා රෝහලට ඇතුලත් කර ඇති බව හපුතලේ පොලිසිය සඳහන් කරනවා.

එසේම පල්ලියට අයත් වැටක් ඉදි කරමින් සිටි යදී අවසර නොමැතිව වැට ඉදි කරන බවට තර්ජනය කර තමාට පහර දුන් බව පහර කෑ පුද්ගලයා පොලිසියට පවසා තිබේ.

නමුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කේ බී කන්දසාමි කන්නා මහතා සඳහන් කරන්නේ එවන් පහර දීමක් සිදු නොවූ බවකි.