තවත් කොරෝනා රෝගීන් 344කට සුවයි
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 344දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 20804ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 27877ක් වන අතර රෝගීන් 6933දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

