කෘතීම බුද්ධිය යොදා යුවළවල් ගැලපීමක්
කෘතීම බුද්ධිය යොදාගනිමින් සහකරුවන් සහ සහකාරියන් ගැලපීම සිදුකිරීමට ක්‍රමවේදයක් සැකසීම සඳහා මුල්‍ය අනුග්‍රහය දැක්වීමට ජපානය සැලසුම් කර තිබේ.
එරට උපත් අනුපාතය අඩු මට්ටමකට පත්වෙමින් පවතින බව පැවසෙනවා.
එසේම එළබෙන වසරේ සිට සහකරුවන් සහ සහකාරියන් ගැලපීම කෘතීම බුද්ධිය යොදා ගනිමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව වර්තාවනවා. මේ අනුව එරට පළාත් පාලනය වන ආයතන සඳහා සහන ලබාදීම සඳහා සැලසුම් කර ඇති බවද සඳහන් වනවා.
පසුගිය වසරේ එරට උපත් ප්‍රමාණය 865,000ක අඩු අගයක් වන අතර එරට ජනගහනය වැඩි කර ගැනීම සඳහා විවිධ ක්‍රම අත්හදාබලමින් සිටී. එහි පියවරක් ලෙස කෘතීම බුද්ධිය යොදා යුවළවල් ගැලපීම සිදුකිරීමට නියමිතයි.
