කොරෝනා ආසාදිතයින් සමාජයේ ඉන්නවා
මෙරට සමාජ තුළ කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ වන විට ආසාදිතයින් වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් නොවන බවත් ඔවුන් සමාජයේ ජීවත්වන පුද්ගලයින් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරයි.
අටුළුගම රෝගීන් වාර්තා වන්නේ නිවෙස් තුළ සිටියදීම මෙන්ම නිවෙස් ඇතුළත රෝගීන් මියයන්නේ සමාජයේ ජීවත්වන අතරතුර බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
මේ වන විට අප රට තුළ කොවිඩ්-19 වෛරසය සමාජ ව්‍යාප්තියක් දක්වා ගොස් ඇති නම් ඒ බව ලෝක සෙ$ඛ්‍ය සංවිධානය ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව අප රට තිබෙන ස්ථානය වසංගත රෝග විද්‍යා අංශය දැනුවත් කළ බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
