News

මෙරට ළාබලතම කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට ළාබාලතම මරණය අද වාර්තා වී ඇති අතර මරණය වී ඇත්තේ අද (08) බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනවා.

දින 20ක් පමණ වයසැති බිළිඳා නියුමෝනියාව හා කොවිඩ් තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මිය ගොස් තිබෙන බව පැවසෙනවා.

ඊයේ (07) රාත්‍රීයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට බිලිඳා ඇතුලත් කර ඇති අතර බිළිඳා දැඩිලෙස නියුමෝනියා තත්ත්වයෙන් පෙළෙමින් සිටි බව වෛද්‍යවරුන් හඳුනාගෙන තිබේ . පසුව කළ PCR පරික්ෂාවේදී බිළිඳාට කොවිඩ් වැළඳී ඇති බව සොයාගෙන ඇත.

කෙසේ නමුත් බිළිඳාගේ මව්පියන්ට කොවිඩ් ආසාදනය වි නොමැති බව ඔවුන්ට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇති බව රෝහල් බලධාරීන් සඳහන් කරනවා.