ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා
2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත. පාර්ලිමේන්තුවේ හෙට (10 වැනිදා) කල් තැබූ පසුව මෙම වසර තුළ යළි රැස් නොවන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක පැවසීය.
ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගනු ලබන කරුණු පිළිබඳ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නැවත වරක් රැස්වී තීරණයක් ගැනීමට නියමිතය.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (8 වැනිදා) රැස් වූ අවස්ථාවේදී රජයේ මුදල් කාරක සභාවේ සාමාජිකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමටද තීරණය කර ඇත.
ඒ අනුව එම කාරක සභාවේ සාමාජිකයන් සංඛ්‍යාව 18 සිට 21 දක්වා වැඩිවන අතර, ආණ්ඩු පක්ෂයට එක් සාමාජිකත්වයක්ද, විපක්ෂයට සාමාජිකයන් දෙකද්ද එකතු වනු ඇත.
