News

මැතිවරණ කොමිසමේ නව සභාපති වැඩ ඇරඹයි

මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ඇතුළු සාමාජිකයන් අද (10) පෙරවරුවේ දී රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී රාජකාරි අරම්භ කළේය.

ඒ අනුව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ලෙස නිමල් ජී.පුංචිහේවා මහතා ධූරයේ රාජකාරි ආරම්භ කළ අතර සෙසු සාමාජිකයන් වන එම්.එම්.මොහොමඩ්,එස්.බී.දිවාරත්න,කේ.පී.පී.පතිරණ,සහ ජීවන් ත්‍යාගරාජා යන මහත්වරු රාජකාරි ආරම්භ කළේය.

ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (අ ) හා103(01) ව්‍යවස්ථාවන්ට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස මෙම නිලධාරීන් පත් කර ඇත.