මහර බන්ධනාගාරයේ මියගිය සියලු රැඳවියන්ගේ සිරුරු හඳුනා ගැනේ
මහර බන්ධනාගාර නොසන්සුන්තාවෙන් මියගිය රැඳවියන් 11 දෙනාගේම සිරුරු මේ වනවිට ඥාතීන් විසින් හඳුනා ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ ඔවුන්ගේ දේහ මේ වන විට රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි.
මීට පෙර අවස්ථා කිහිපයකදී ඥාතීන් විසින් මියගිය රැඳවියන් 8 දෙනෙකුගේ මෘත ශරීර හඳුනාගනු ලැබීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අද දිනය වන විට මියගිය රැදවියන් සියලුදෙනාගේ මෘත ශරීර ඔවුන්ගේ ඥතීන් විසින් හදුනාගත් බවයි.
එම සිදුවීමෙන් තවත් 108දෙනෙකු තුවාල ලැබූහ.
මේ අතර මහර බන්ධනාගාරය තුළ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව පසුගිය දා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත භාර දුන්නේය.
