කොවිඩ් රෝගීන් සොයා පරීක්ෂණ වැඩි කරයි
සෞඛ්‍ය අංශ හා හමුදාවේ පුහුණුව ලත් පරීක්ෂක කණ්ඩායම් වැඩියෙන් යොදවා කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ වැඩිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක මණ්ඩලීක ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට උපදෙස් දී තිබේ.
ඒ අනුව සෞඛ්‍ය අංශවලට අමතරව යුද හමුදා පුහුණුව ලත් කණ්ඩායම් යොදවා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව කිරීමට පියවර ගෙන ඇතැයි ලුතිනන් ජෙනරාල්වරයා ‘අරුණ’ට ඊයේ (10 වැනිදා) පැවැසීය.
ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිට පළාත්වල සේවකයන්ද මෙම පරීක්ෂණ සඳහා කැඳවීමට නියෝග කර ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත එහි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා යුද හමුදා කණ්ඩායම් යොදවා තිබේ.
ඉදිරි දින කිහිපයේදීත් පරීක්ෂණ වැඩිකර සමාජය තුළ සිටින ආසාදිතයන් හඳුනාගැනීමට පියවර ගනු ඇත.
මෙතෙක් දසදහසේ සීමාවේ තිබූ දෛනික පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යා පසුගිය දින කිහිපයේ 13,000 සිට 14,000 දක්වා වැඩිකර තිබිණි. පෙරේදා (9 වැනිදා) පී.සී.ආර්. පරීක්ෂණ 14,336 කර ඇත.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
