දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 6000කට වැඩි සංඛ්‍යාවක්
දුම්රිය දෙපාර්තමේන්තුවේ හය දහසකට අධික කාර්ය මණ්ඩල පුරප්පාඩු පවතින බවත් එම පුරප්පාඩු පිරවීම වෙනුවෙන් දුම්රිය පාලනාධිකාරිය කිසිදු සාධනීය පියවරක් ගෙන නැති බවත් සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ ලේකම් එස්.පී.විතානගේ ‘අරුණ’ට ඊයේ (10 වැනිදා) පැවැසීය.
දුම්රිය මාර්ග නඩත්තු අංශවල දුම්රිය තාක්ෂණ ශිල්පී සහායක තනතුරු පමණක් තුන්දහසකට අධික ප්‍රමාණයක් පවතින බවත් ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ඇතුළු දුම්රිය ස්ථානාධිපති ශ්‍රේණියේ පුරප්පාඩු තුන්සිය අනූපහක් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.
එෆ්. අස්ලම්
