News

වේයන්ගොඩ නිදහස් මාවත හුදෙකලා කෙරේ

අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වේයන්ගොඩ, නිදහස් මාවත ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.

නිදහස් මාවත ප්‍රදේශයේ පුද්ගලයින් 20 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයන් බවට තහවුරු වීම මත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇති බව අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද මහතා සදහන් කරයි.