කොවිඩ් ආසාදිත 570ක් සුවය ලබයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 570දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් 22,831කි.
මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 30,613ක් වන අතර, ඉන් 7636දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ ගණන 146කි.
