News

ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයෙන් විශේෂ මෙහෙයුමක්

බෝරෝමාටා හි කෙවේ ගම්මානයට පසුගිය දෙසැම්බර් 1 වැනි දින අරාබි මෙසිරියා ජන්ජාවීඩ්ස් කැරලිකරුවන් සිදුකළ ගිනිතැබීමෙන් විපතට පත් ගම්වැසියන් බේරා ගැනීමට මධ්‍ය අප්‍රිකාවේ සාම සාධක රාජකාරීන්හි නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය මගින් බුද්ධි තොරතුරු නිරීක්ෂණ සහ මුදවාගැනීම් විශේෂ මෙහෙයුමක් සිදුකර තිබේ.

කැරලිකරුවන් සිදුකළ ගිනිතැබීම් හේතුවෙන් ගම්වැසියන් 2000කට වැඩි සංඛ්‍යාවක් අවතැන්ව ඇති අතර ඔවුන් සඳහා ආරක්ෂිත ස්ථානයක් නිර්මාණය කිරීම සහ සාමයට බාධා කළ හැකි සන්නද්ධ කැරලිකරුවන් සොයා ගැනීමට අංක 62 ගුවන් යානා බලඝණය මගින් බුද්ධි තොරතුරු නිරීක්ෂණ සහ අවේක්ෂන ගුවන් ගමන් වාර 8ක් සිදුකර ඇත.

එමෙන් ම, සැම්බියානු භටයින්ට ගුවනින් සහය දැක්වීම සඳහා ගුවන් ගමන් වාර 3ක් සිදුකිරීමට හෙලිකොප්ටර් යානා දෙකක් බිරාවෝ වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහිදි සිදුකළ සේවයට ප්‍රශංසා කළ දුත මණ්ඩල නිලධාරීන් ඔවුන්ගේ වෘත්තීය නිපුණත්වය සහ කැපවිම ඇගයිමට ලක් කරන ලදි.