News

පොලිස් ස්ථානමාරු ක්‍රියාත්මකයි

පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරුවීම් ලබන ජනවාරි පළමුවන දා සිට ක්‍රියාත්මක කිරීමට බව වාර්තා වනවා.

කෙසේ වෙතත් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සිටින පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක වීම අත් හිටුවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ එම අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින දරුවන් සිටින පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් මාර්තු මස 15 වන දින තෙක් අත්හිටුවා ඇති බවයි.