පී.සී.ආර් පරීක්ෂණ ගණන මිලියනය ඉක්මවා යයි
ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදුකරන ලද PCR පරීක්ෂණ ගණන මිලියනය ඉක්මවා ගොස් ඇති බව වර්තවනවා.
මේ අනුව මෙරට සිදුකරන ලද PCR පරීක්ෂණ ගණන 1,011,919 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත. එසේම එම පරක්ෂණ සිදුකිරීම දිවයින පුරා පිහිටි රෝහල්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණාගාර 28ක සිදුකර තිබේ.
මිලියනය ඉක්මවූ එම පරීක්ෂණ වලින් වෛද්‍ය පර්යේෂණ ආයතනය වැඩිම පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකර ඇති අතර එය සංඛ්‍යාත්මකව 133,188ක්. මිට අමතරව කරාපිටිය රෝහලෙන් ද පීසීආර් පරීක්ෂණ 69,425ක් සිදුකර ඇත.
එසේම දිනක් තුල සිදුකල වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ (12) දිනයේ වාර්තා වන අතර එය සංක්‍යත්මකව 17,425ක් බව වර්තාවනවා.
