News

කොවිඩ් ආසාදිතයන් 500කට වැඩි ගණනක්

 

අද (13) කොවිඩ් ආසාදිතයන් 500කට අධික පිරිසක් සොයාගෙන ඇත.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කෝවිඩ් ආසාදිතයන් 515ක් අද (13) දිනයේ මේ වන විට සොයාගෙන ඇති බවයි. එම පිරිසෙන් 368 දෙනෙකු මින් පෙර හඳුනාගත් අසාදිතයන්ගේ සමීපතමයන් වන අතර සෙසු 147දෙනා බන්ධනාගාර පොකුරෙන් වාර්තා වී තිබේ.

මේ අනුව සමස්ත ආසාදිතයන් ගණන 32,650 ක් වන අතර 23,793ක් සුවය ලබා ඇත.

එසේම රෝහල්ගත රෝගීන් සංඛ්‍යාව 8,708ක් බවද වාර්තා වනවා.