කොරෝනා ආසාදිතයින් 516ක් සුවය ලබයි
කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ ආසාදිතයින් 516දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 24,309ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 32,790ක් වන අතර, ඉන් 8329දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
කොවිඩ් හේතුවෙන් මෙරට තුළ මියගිය මුළු සංඛ්‍යාව 152කි.
