පාසල් හතරක් වැසෙයි
කොවිඩ් ආසාදිත පාසල් සිසුවෙක් වවුනියාව ,කට්කුලි ප්‍රදේශයෙන් හමුවීමත් සමග වවුනියාව නගරයේ පාසල් 4ක් දින නියමයකින් තොරව වසා දමා තිබේ.අද (15) දින මෙලෙස පාසල් වසා දැමූ බව කලාප අධ්‍යාපන අධ්යක්ෂ එම්. රාදාක්රිශ්නන් මහතා සඳහන් කර තිබේ.
මේ අනුව වවුනියාව දෙමළ මහ විද්‍යාලය , දෙමළ මිශ්‍රපාසල පාසල , ගාමිණි ජාතික පාසල හා රම්බකුලම බාලිකා විද්‍යාලය වසා දමා ඇත.
මෙලෙස ආසාදනයට ලක්ව ඇත්තේ වවුනියාව දෙමළ මිශ්‍ර පාසලේ ඉගනුම ලබන කට්කුලි ප්‍රදේශයේ පාසල් සිසුවකුට බව පැවසෙනවා. සිසුවා සොයාගෙන ඇත්තේ ආසදිතයකුගේ ආශ්‍රිතයකු ලෙසයි.
පාසල වසාදැමීම ගැන නොදැන දුර බැහැර සිට පාසල් සිසුන් පැමිණ ඇති අතර පාසල වසා දැමීම සම්බන්ධයෙන් පොලීසිය හා සෞඛ්‍ය අංශ උදෑසන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කර නිවේදනය කර සිසුන් දැනුවත් කර තිබුනා.
