කොටහලු මඟුලට කොළඹින් ගිය අම්මටයි දුවටයි කොවිඩ්
කුරුණෑගල වැල්ලව පොලිස් වසමට අයත් සීරාදුන්න ප්‍රදේශයෙන් කෝවිඩ් ආසාදිතයන් 18 දෙනෙක් වාර්තා වීමත් සමග ප්‍රදේශය හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ ඊයේ (14 වැනිදා) පියවර ගෙන ඇත.
සීරාදුන්න ප්‍රදේශයේ නිවසක මීට සති දෙකකට පෙර මල්වර උත්සවයක් පැවැති අතර ඊට වැල්ලව පොලිසියේ නිලධාරීන් පිරිසක් ඇතුළු ගම්වාසීන් රැසක් සහභාගී වී තිබේ.
මෙම උත්සවයට කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධාරිනියක් හා ඇයගේ මව පැමිණ තිබූ අතර ඔවුන් දෙදෙනා ඒ වන විට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා මුහුණ දී සිටි අයවලුන් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඔවුන් දෙදෙනා කොවිඩ් ආසාදිතයන් බවට පසුව තහවුරු වූ බැවින් සීරාදුන්න මල්වර උත්සවයට සහභාගී වූ වැල්ලව පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරීන් පිරිසක් ඇතුළු ගම්වාසීන් 118 දෙනෙකු නිරෝධායනය කෙරිණි.
එසේ නිරෝධායනයට යොමුකළ පිරිස අතරින් 18 දෙනෙක් ඊයේ වන විට කොරෝනා රෝගීන් බවට තහවුරු වී තිබේ.
සම්පත් සෙනෙවිරත්න – කුරුණෑගල
