මගීන් ගෙනයාම අසුන් ගණනට පමණයි
පොදු ප්‍රවාහන සේවා වල මගීන් ගෙන යා හැක්කේ ආසන සංඛ්‍යාවට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.
මේ බව සඳහන් කර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විශේෂ උපදේශන පත්‍රිකාවක් නිකුත් කර ඇත.
ඒ අනුව කිසි විටෙක පොදු ප්‍රවාහන සේවයක මගියෙකු සිටගෙන ගමන් කල නොහැකි බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

