ශ්‍රේෂ්ඨාධිකරණ ගින්න විමර්ශනයට CID කණ්ඩායම් 3ක් යොදයි
අද (15) සවස ඇති වූ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න පිළිබඳව විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 3ක් යොදා තිබේ. ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත.
ගින්න හටගෙන තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ බිම් මහලේ වන බව පැවසෙන අතර ගිනිගත් ස්ථානයේ අබලි ද්‍රව්‍ය තැන්පත් කර තිබූ බවද පැවසෙනවා. තවද එම ස්ථානය ආරක්ෂක නිලධාරීන් තාවකාලිකව රැඳී සිටින තැනක් බවද පැවසෙනවා.
මේ වනවිට ගින්න පාලනය කර ඇතැයි ද වාර්තා වනවා.
