News

A/L පිළිතුරු පත්‍ර පරීක්ෂකයකුට කොවිඩ්

පන්නිපිටිය ධර්මපාල විදුහල් විභාග මධ්‍යස්ථානයේ උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම් කරමින් සිටි පරීක්ෂකවරයකුටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත.

දේශපාලන විද්‍යාව පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයකු වන ඔහු සමග සමීපව කටයුතු කළ තවත් පරීක්ෂකවරයකු නිරෝධායනයට ලක් කර තිබේ.

එම මධ්‍යස්ථානය විෂබීජහරණයට ලක් කර පිළිතුරු පත් ඇගයීම් සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අප කළ විමසුමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසීය.

නිලන්ත මදුරාවල