News

මවට සහ දරුවාට දිවි අහිමි කළ කැබ් රථ අනතුර

අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ පහළ බලල්ල ප්‍රදේශයේදී කැබ් රථයක ගැටී සිදුවූ අනතුරකින් 32 හැවිරිදි මවක් හා අවුරුදු තුනහමාරක් වයසැති ඇයගේ පුත්‍රයා මියගොස් තිබේ.

ඊයේ (15) සවස 6.30ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ සිටි 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ 11 දෙනෙකු ගමන් කර ඇති බවද පොලීසිය පවසයි.

කැබ් රථයේ රියදුරු සහ තවත් දෙදෙනෙක් අනතුරින් පසු පළාගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලීසිය විමර්ශන සිදුකරයි.