News

මහර හතරක් මළේ වෙඩි වැදිලලු

මහර බන්ධනාගාරයේදි පසුගිය දිනෙක ඇතිවූ නොසන්සුන්තාවයේදී රැදවියන් සිව්දෙනෙකු මියගොස් ඇත්තේ වෙඩි ප්‍රහාර වලට ලක්වීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි විද්වත් කමිටුව විසින් අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබේ.

පසුගිය නොවැම්බර් මස 29 සහ 30 දිනවල බන්ධනාගාරයේ ඇති වූ කලහකාරි තත්ත්වය පාලනය කිරිමට ගත් ක්‍රියාමාර්ගවල දී බන්ධනාගාර රැඳවියන් 11 දෙනෙකු මියගොස් තිබුණි.

මෙම සිදුවීමෙන් මියගිය රැදවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම සදහා අධිකරණය විසින් විශේෂඥ මණ්ඩලයක් කළේය.

එම විද්වත් මණ්ඩලය මියගිය රැදවියන් 11දෙනාගෙන් සිව්දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ මේ වන විට අවසන් කර තිබේ.

පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා මගින් අධිකරණයට පෙන්වා දී ඇත්තේ මරණවලට මූලික හේතුව වෙඩි වැදීම් බවයි.