බදුල්ල මහ රෝහලේ 15ක් නිරෝධානයට
බදුල්ල මහ රෝහලේ සේවය කරන 15දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබේ.
බදුල්ල හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළේ එම රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියකගේ සැමියාට කොවඩ් ආසාදානය වී ඇති බවයි.
එම හෙද නිලධාරිනිය පසුගිය දිනෙක මුදුන්පිටිය ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයට ඇය සේවය කරන වාට්ටුවේ කාර්ය මණ්ඩලයේ 15දෙනෙකුට ආරාධනා කර ඇත.
මංගල උත්සවය පැවැති ස්ථානයේ දැරියගේ පියා ඇතුළු වරාය සේවකයන් සිව්දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව තහවුරුවී ඇත.
එම ආසාදිතයින් බදුල්ල හිදගොඩ, හාලිඇල කන්දෙගෙදර සහ හාලිඇල කැටවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
ඒ අනුව ඔවුන් සියලුදෙනාගේ ආශ්‍රිතයින් සොයා නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ආරක්ෂක අංශ සමග එක්ව මෙහෙයුම් ආරම්භ කර තිබේ.
