News

කරාපිටියේ පිළිකා වාට්ටුවේ 4කට කොවිඩ්

කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ තවත් රෝගීන් 4දෙනෙකුට කොවිඩ් ආසාදිත බව ඊයේ (17) සවස සොයා ගෙන තිබේ. ඒ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරනවා.

එම ආසාදිතයන් ගෙන් තිදෙනෙක් කාන්තාවන් වේ.

එසේම ආසාදිත’ සුරියවැව ප්‍රදේශයේ රෝගියා සමීපයේ සිටි බිරිඳ කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමේ අනතුරුව ඊයේ දහවල් කරන ලද PCR පරීක්ෂණ වාර්තා අනුව එම එම රෝගීන් සිව් දෙනා මෙලෙස හඳුනා ගෙන තිබේ.

අනතුරුව වාට්ටුව සම්පුර්ණයෙන්ම විෂබීජානුහරණය කිරිමට සෞඛය අංශ පියවර ගෙන ඇත.