News

උත්සව සමයේ බීමත් රියදුරන් සොයන්න උපකරණ කට්ටල

උත්සව සමයේ බිමතින් රිය පදවන රියදුරන් සොයා කරන මෙහෙයුම් සඳහා සැම පොලිස් ස්ථානයකම බීමත් රිදුරන් පරීක්ෂාකරන බ්‍රොතලයිසර් උපකරණ කට්ටල ලබා දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ බ්‍රොතලයිසර් උපකරණ කට්ටල 30,000 ක් ලබා දී ඇති බවයි.

එසේම උත්සව සමයේ රිය අනතුරු වලක්වා ගැනීමේ අරමුණෙන් බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද (18) සිට රට පුරා ආරම්භ කිරීමට උපදෙස් ලබාදී ඇති බවද අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

එසේම අධික වාහන නළා ශබ්ද කරන සහ නොයෙක් ආකාරයේ විදුලිබල්බ දල්වාගෙන යන රියදුරන්ද පොලිස් අත්අඩංගුවට ගන්නා බව ද සඳහන් කරනු ලැබුවා.