RMV දුෂිත නිලධාරීන් හඳුනාගත් ආකාරය
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දුෂිත නිලධාරින් හඳුනා ගත්තේ බුද්ධි අංශ නිලධාරීන් යොදවා වසරක් පුරා සිදුකරන ලද තොරතුරු රැස්කිරීම් වලින් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.
කෙසේ වෙතත් දිලුම් අමුණුගම මහතා සඳහන් කරන්නේ “අපි පහුගිය අවුරුද්දක කාලයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව නිරීක්ෂණය කෙරුවා. බුද්ධි අංශ නිලධාරීන් යොදවලා යම් යම් තොරතුරු ලබා ගත්තා. ඒ අනුව දූෂිත නිලධාරීන් සහ දූෂිත නැති නිලධාරීන් කවුද කියලා හඳුනගත්තා. බහුතරයක් නිලධාරීන් දූෂිත නිලධාරීන්. ඒ දෙපාර්තමේන්තුව තුළ නොසිටිය යුතු නිලධාරීන් යම් ප්‍රමාණයක් අපි හඳුනගත්තා. මේ අය විතරක් මාරු කළොත් මේ අයට ගිහින් අලුත් රාජකාරී ස්ථානයේ වැඩකරන්න ප්‍රශ්නයක් වෙනවා මොකද දූෂිත නිසා ඉවත් කෙරුවා කියන චෝදනාව එනවා. මේ අය ඇතුළුව වාර්ෂික ස්ථානමාරු ලැබිය යුතු අය සහ ස්ථානමාරු ඉල්ලලා තියෙන අය ඇතුළත්ව මේ ස්ථානමාරුවීම් සිදුකරනවා.”
කෙසේ වෙතත් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඊයේ දහවල් සිට සේවකයින් සිය රාජකාරිවලින් ඉවත්වී විරෝධතාවය පළකර තිබේ.
