නයිජීරියාවේ සිට මත් කොළ තොගයක් මෙරටට
මත්ද්‍රව්‍ය ලෙස ජාත්‍යන්තර වශයෙන් භාවිතා කරන වියළි කොළ තොගයක් නයිජීරියාවේ සිට තැපැල් පාර්සලයක් ලෙස කටුනායක ගුවන් භාණ්ඩ අංශය වෙත එවා තිබිය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගෙන තිබේ.
නයිජීරියාවේ සිට මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නමට හිස කෙස් කළු පැහැ ගැන්වීම සඳහා භාවිතා කරන හෙනා නිෂ්පාදන බව පවසමින් අදාළ පාර්සලය කටුනායක ගුවන් භාණ්ඩ මධ්‍යස්ථානය වෙත එවා තිබු බව වාර්තා වේ.
මෙම මත්ද්‍රව්‍ය කොළ තොගය ජාතික අන්තරායකාර ඖෂධ පාලන මණ්ඩලයේ නිලධාරීන් වෙත පරීක්ෂා කිරීමට යොමු කර තිබූ අතර එහිදී එය මත්ද්‍රව්‍ය බවට තහවුරු වී තිබේ.
මෙම කොළ තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් පමණ වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
