News

වැඩිම ආසාදිතයන් කොළඹින් සහ කළුතරින්

 

ආසාදිතයන් 618ක් ගත වූ පසුගිය පැය 24දී හඳුනා ගෙන තිබේ. මෙලෙස ඊයේ (19) හඳුනාගත් ආසාදිතයන් ගෙන් වැඩිම ගණන කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර එම ආසාදිතයන් ගණන සංක්‍යත්මකව 241ක් වනවා.

එසේම කළුතරින් ආසාදිතයින් 120ක්,ගම්පහ දිස්ත්‍රික්කයෙන් 99ක් හඳුනා ගෙන ඇති අතර සෙසු පිරිස වශයෙන් 158ක් අනෙකුත් දිස්ත්‍රික්කවලින් හඳුනා ගෙන ඇත.

තවද කොළඹ ආසාදිතයන් ගෙන් වැඩිම පිරිස බොරැල්ලෙන් වාර්තා වන අතර එම පිරිස 31ක් වනවා.

ග්‍රෑන්ඩ්පාස් 30ක්
කොම්පඤ්ඤවීදියෙන් 28ක්
වැල්ලවත්තෙන් 27ක්
මට්ටක්කුලියෙන් 23ක්
මරදානේ 17ක්
බ්ලූමැන්ඩල් 16ක්
දෙමටගොඩ 8ක්
වැල්ලම්පිටියෙන් 5ක්
දෙහිවලින් 5ක්
රත්මලාන 4ක්
මොරටුව 4ක්
කොල්ලුපිටිය 4ක්
කිරුළපනින් 4ක්
අලුත්කඩේ 3ක්
අඟුලානෙන් 3ක්
හංවැල්ලෙන් 3ක්
පුවක්පිටිය 2ක්
ගල්කිස්ස 2ක්
කළුබෝවිල 2ක්
ගොතටුවෙන් 2ක්

කුරුදුවත්ත , අතුරුගිරිය, හඳපාන්ගොඩ, කොස්ගම, නාවල, රද්දොළුගම හා රාජගිරියෙන් එක් ආසාදිතයා බැගින් ද වාර්තා වී ඇත.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් 99 දෙනා ගෙන් 44ක් මහර ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ආසාදිතයන් 29ක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් හඳුනා ගෙන ඇත.

කොවිඩ් මරණ 6ක් ඊයේ (19) හඳුනා ගෙන ඇති අතර ඒ සමග සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 171ක් බවට පත්ව තිබේ.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 36,667ක් වන අතර සුවය ලැබූ ගණන 27,552ක් බවට පත්ව ඇත.