බස්රථ පරීක්ෂාවට සිවිල් පොලිස් නිලධාරීන් යොදවයි
බස්රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් නිලධාරීන් 400 දෙනෙකු පමණ මේ සඳහා අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
බස්රථවල නිරෝධායන නීති අනුගමනය කරන්නේ ද යන්න සහ රියදුරන්ගේ හැසිරීම් පිළිබඳව සොයා බැලීමට මෙම පොලිස් නිලධාරීන් යොමුකර ඇත.
